27.2 C
Galle

පොලිස්පතිට නොතීසි

Published:

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට 29 වැනි දා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස අද (26) නොතීසි නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චි බුද්ධි තොරතුරු තිබිය දී එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ‍එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා මෙලෙස පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කර තිබේ.

එම නඩුව අද (26) කොළඹ මහාධිකරණයේදී නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ වත්මන් පොලිස්පතිවරයා නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින බැවින් ඔහුට ඉදිරි නඩු දිනයේ අධිිකරණයේ පෙනී සිටින්න යැයි නොතීසි නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීම හේතුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පොලිස්පති සි. ඩී වික්‍රමරත්නට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

Related articles

spot_img
error: Content is protected !!