27.1 C
Galle

රටට ම විදුලිය නෑ. නොරොච්චෝලේ බිඳ වැටීම ඊට හේතුවෙයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබේ. ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන උප පොළවල් 03ක දෝෂයකින් මෙය ආරම්භ වී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට රටපුරාම විදුලිය විසන්ධි වී තිබේ. නොරොච්චෝල විදුලි බලාගාරයේ අති විදුලි ජනක යන්ත්‍ර තුනෙන් ක්‍රියාකරමින් තිබූ විදුලි ජනන යන්ත්‍ර දෙකම ක්‍රියාවිරහිත වීම මේ විදුලි බිඳ වැටීමට හේතු වී ඇත.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළී සිටිති. කෙරවලපිටිය යුගධනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමෙරිකාවේ සමාගමකට විකිණීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!