31.3 C
Galle

ඉදිරි දින කිහිපයේ දී විදුලි කප්පාදුවක්

Published:

ඉදිරි දින කිහිපයේ දී රටපුරා අවස්ථානුකූලව විදුලිය කපාදැමීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මොගාවොට් 900ක ධාරිතාවෙන් යුතු බලාගාර 03 ම යථා තත්වයට පත්කිරීමට දින 03ක් ගතවන බවත් ඒ හේතුවෙන් එම කාලයේ මෙලෙස විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් දැනගන්නට ඇත.

දිවා කාලයේ දී මෙරට විදුලි අවශ්‍යතාව මෙගාවොට් 1800ක් පමණ වෙයි. නොරොච්චෝලේ බලාගාර 03ක් පැවතිය ද ඉන් ක්‍රියාත්මක කරමින් තිබුණේ බලාගාර දෙකක් පමණි. එම බලාගාර දෙක මගින් මෙගාවොට් 600ක විදුලි නිපදවීමක් සිදුකළ අතර එම බලාගාර දෙක ම අක්‍රියවීම හේතුවෙන් අද (03) දහවල් 11.30ට පමණ දිවයින පුරාම විදුලිය බිඳ වැටිණි.

මෙය යථා තත්වයට පත්කිරීමට දින 03ක් පමණ ගත වන බව විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!