29.7 C
Galle

ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (06) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමාගම් කොටස් මිලියන 15.5ක් ගනුදෙනු වෙමින් ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 156ක් වාර්තා කරන ලදී.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,535ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1065ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 05ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,650ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ආසිරි සර්ජිකල් සමාගම මිලියන 156
  • සී ඩී බී බැංකුව මිලියන 99
  • වටවල වැවිලි සමාගම මිලියන 86

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ආසිරි සර්ජිකල් සමාගම කොටස් මිලියන 15.5
  • සී ඩී බී බැංකුව කොටස් මිලියන 03
  • වටවල වැවිලි සමාගම කොටස් මිලියන 1.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙරන්ඩිබ් හොටෙල් සමාගම 09%
  • අම්බන් හෝල්ඩින් සමාගම 08%
  • සී ටී ලෑන්ඩ් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 414
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 330

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 86 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 115ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 29ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ආසිරි සර්ජිකල් සමාගම රුපියල් මිලියන 70
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 59
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 23
  • සී අයි සී සමාගම රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!