27.1 C
Galle

මනුෂට පහර දීමට තැත් කළා යැයි විරෝධය දක්වා විපක්ෂය සභාවනේ පිටව යයි

Published:

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේස්කර අද (04) දහවල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය අසළ දී පහරදීමට උත්සාහ ගෙන ඇත.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්  එක්ව එලෙස පහරදීම වළැක්වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.  

සමගි ජන බලවේගය න‍ියෝජනය කරන මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇති වී මෙලෙස පහර දීමට උත්සාහ කර ඇති බව කියති. මෙම කලබලකාරී අවස්ථාවේ දී පාර්ලිමේන්තු වේත්‍රධාරියා සහ පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන් ද පැමිණ ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අද සවස පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පහරදීමට උත්සාහ ගන්නා බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විශේෂ ප්‍රකාශයක් කළේය.

ඉන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගිය අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සභා ගැබේ රැඳී සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!