28.7 C
Galle

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පවුලේ අය සමඟ හෙලිකොප්ටරයක් කඩා වැටේ

Published:

ඉන්දීය හමුදාවේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවට් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් අනතුරට ලක්ව ඇතැයි එරට හමුදාව තහවුරු කරයි.  අනතුරට ලක්වන අවස්ථාවේ එහි 14 දෙනකු ගමන්කරමින් සිටි බව පැවසේ.

අනතුර සිදුව ඇත්තේ තමිල්නාඩු ප්‍රදේශයේ දී ය. සුලූර්හි හමුදා කඳවුරෙන් MI-17V5 වර්ගයේ හෙලිකොප්ටරය ගුවන් ගත වී සුළු වේලාවකින් කුනූර් ප්‍රදේශයට මෙය කඩා වැටී තිබේ.

කඩා වැටීමත් සමඟ ගිනිගෙන විනාශ වූ යානයේ සිටි පුද්ගලයන් බේරාගැනීමට ප්‍රදේශවාසීන් උත්සාහ ගන්නා වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත් වී ඇත. තුවාල ලැබූ පිරිස් එම ස්ථානයෙන් ඉවත්කර ඇති අතර මියගිය අය අතරින්න 07 දෙනකුගේ සිරුරු හඳුනාගත් බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කර ඇත. ජනරාල්වරයා පිළිබඳ මෙතෙක් සඳහනක් නැත.

ඉන්දීය ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානීවරයා පසුගිය දිනක ශ්‍රී ලංකාවේ ද සංචාරය කළේය.

https://www.india.com/news/india/breaking-army-helicopter-carrying-cds-bipin-rawat-and-family-crashes-at-coonoor-nilgiris-tamil-nadu-bipin-rawat-helicopter-crash-latest-updates-5128853/

Related articles

Recent articles

error: Content is protected !!