28.7 C
Galle

විශ්වවිද්‍යාල පර්යේෂණ සඳහා බව කියමින් කෝටි ගණනක් මුදල් අවභාවිතා කරලා

Published:

පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා බව කියමින් රජයේ මුදල් රුපියල් කෝටි තුනකට ආසන්න ප්‍රමාණයක් ලබාගත් විශ්වවිද්‍යාල ආචාර්යවරු 13 දෙනකු එම උපාධි සම්පූර්ණ නොකර මුදල් අවභාවිතා කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.

මෙම මුදල් පිරිනමා ඇත්තේ 2009-2017 කාලයේ දී ය.

2017 වර්ෂයේ දී විශ්වවිද්‍යාලය 08ක කථිකාචාර්යවරු 12 දෙනකු රුපියල් කෝටි 03කට වැඩි මුදලක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන ඇති අතර නමුත් ඔවුන් එම පරීක්ෂණ සිදුකර නැත. මීට අමතරව රජයේ මුදල් භාවිතා කරමින් ආචාර්ය උපාධි හැදෑර 15 දෙනකු පසුගිය කාලයේ දී විශ්වවිද්‍යාලයලින් ඉවත්වී ඇති බව ද කොප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!