30.5 C
Galle

සිංහරාජ වනයට ගිය කතුන් දෙදෙනා දින දෙකකින් ‍ඇවිත් නෑ

Published:

එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුළු වූ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 40 වයස්වල පසුවන දෙදෙනෙකි.

පසුගිය 12 වැනි දා උදෑසන ඔවුන් සිංහරාජ වනාන්තරයට ගොස් ඇති අතර මෙතෙක් පැමිණ නැත.

ඔවුන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සූරියකන්ද පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වනවිට පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කාන්තාවන් දෙදෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!