27 C
Galle

අහුන්ගල්ලේ ධීවරයන් තිදෙනා දින දෙකකට පසු යළි ගොඩබිමට පැමිණෙති

Published:

අහුංල්ලෙන් මුහුදු ගොස් අතරංමව සිටි බව කියූ ධීවරයන් තිදෙනා අද (14) උදෑසන යළි නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් තිදෙනා ගමන්ගත් ධීවර යාත්‍රාවේ තිබූ දුරකථනය හා ඔවුන්ගේ ජංගම දුරකථන ක්‍රියාවිරහිත වී තිබීම හා යළි ගොඩබිමට පැමිණිය යුතු වේලාවට නොපැමිණීමත් හේතුවෙන් ඔවුන් අතුරුදන්ව ඇතැයි ධීවර යාත්‍රාවේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබිණි.

නමුත්, අද යළි පැමිණි ධීවරයන් පවසා ඇත්තේ මුහුදේ දී අහුංගල්ල වෙරළට යළි පැමිණෙන දිශාව සොයාගත නොහැකිවීම නිසා දින දෙකක් මුහුදේ අතරමංව සිටි බවයි.

Related articles

spot_img
error: Content is protected !!