27 C
Galle

සිංහරාජයට ගොස් අතුරුදන්ව සිටි දෙදෙනා දෙනියායෙන් මතුවෙති

Published:

සිංහරාජ වනාන්තරයට ඇතුළු වී අතුරුදන්ව සිටි කාන්තාවන් දෙදෙනා අද (14) උදෑසන සිංහරාජ වනාන්තරයේ දෙණියාය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලාවට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

සූරියකන්ද ඇලුත්ඉල්ලම ප්‍රදේශයේ පදිංචි මේ කාන්තාවන් දෙදෙනා පසුගිය 12 වැනි දා උදෑසන එනසාල් කැඩීමට වනාන්තරයට යන බව පවසා නිවෙස්වලින් පිටවගොස් ඇත. එදින ඔවුන් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අවට සොයා බැලුවද සොයාගැනීමට නොහැකි වූ විට සූරියකන්ද පොලිසියට ඒ ගැන පැමිණිලි කර තිබිණි.

පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඔවුන් සොයො විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

මේ අතර අද උදෑසන දෙනියාය වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සංචාරක බංගලාවට ඔවුන් දෙදෙනා පැමිණ ඇත. ඔවුන් පවසා ඇත්තේ කැලයේ අතරමං වී මාර්ගයක් සොයා ගත නොහැකිව ඇවිද යද්දී වහළයක් දැක ඒ දෙසට පැමිණි බවයි.

මේ සම්බන්ධයෙන් සූරියකන්ද පොලිසිය සහ දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!