26.4 C
Galle

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම් අප්‍රේල් දක්වා කල් යයි. ඉදිරි මාස කිහිපයේ පාසල් කටයුතු ගැන අධ්‍යාපන ඇමති කියයි

Published:

2022 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම් සිදුවන්නේ අප්‍රේල් මාසයේ දී බව අධ්‍යාන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ දෙසැම්බර් 23 වැනි දා පාසල් නිවාඩු ලබාදීමෙන් පසු යළි ජනවාරි 03 පාසල් විවෘත කළ ද නව පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ කරන්නේ අප්‍රේල් මාසයේ දී බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසයේ තුන්වැනි සතියේ පවත්වන බවත් උසස් පෙළ විභාගය පෙබරවාරි මසේ දී අවසන් කර සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ ආරම්භ කර ජුනි මැද වන විට අවසන් කරන්නට සැළසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ මඟ හැරුණු පැය ගණනක් ඉදිරි මාස තුනේ දී පන්තිකාමර අධ්‍යයනයට යොමු කර ඇති බවයි.

Related articles

error: Content is protected !!