31.6 C
Galle

සරුංගලයක පැටලුණු තරුණයෙක් ගුවන්ගත වෙයි

Published:

යාපනය පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයේ දී සරුගලයක් යැවීමට යොදාගත් ලනුවක පැටලී තරුණයකු අඩි 40ක් පමණ ඉහළට පාවී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

විශාල ප්‍රමාණයේ සරුංගල් 05ක් එකිනෙකට ගැටගසා එය ඉහළට යැවීමට උත්සාහ ගත් අවස්ථාවේ දී ලනුව අල්ලාගෙන සිටි එක් තරුණයකු මෙලෙස එකවරම ඉහළට පාවී ගොස් ඇත.

ඔහු දිගටම ලනුව අල්ලාගෙන එහි එල්ලී සිට ඇති බවත් පහළ සිටි තරුණයන් මහත් ආයාසයක් යොදා ඔහු පහතට ගන්නා විට අඩි 10ක් පමණ ඉහළ සිට පො‍ළොවට පැන ඇති බවත් පවසා ඇත.

ඔහුට සුළු තුවාල සිදුව ඇති බවත් බරපතල තුවාල නැති බවත් දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!