31.6 C
Galle

පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Published:

සැහැල්ලු, පුහුණු ගුවන් යානයක් කුඩා පයාගල මුහුදු වෙරළට හදිසි ගොඩබෑමක් සිදුකර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම අවස්ථාවේ යානයේ, පුහුණුවන ගුවන් නියමුවා සහ උපදේශකවරයා සිට ඇති බවත් ඔවුන්ට අනතුරක් සිදුවී නොමැති බවත් ඔහු පැවසීය.

යානය පෞද්ගලික සමාගමකට අයත් වන අතර රත්මලා‍නෙන් ගුවන් ගත වී තිබේ.

යානය කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි ද ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇතැයිද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!