28.3 C
Galle

පකිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්තගේ තනතුර ශ්‍රී ලාංකිකයකුට ම ?

Published:

පකිස්තානයේ සියල්කොට් හි දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා ශ්‍රී ලාංකිකයකු ම පත්කිරීමට ඔහු සේවය කළ ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහෙමුද් අෆ්රාෆි සහ මවුලානා තරීක් ජමීල් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සමග පැවති හමුවක දී ය.

තම ආගමට අගෞරව කළා යැයි චෝදනා කරමින් කර්මාන්ත ශාලා සේවකයින් විසින් ඉතා අමානුෂික ලෙස පහර දී ප්‍රියන්ත කුමාරව පසුගිය 03 වනදා ඝාතනය කර තිබුණි.

ඔහුගේ තනතුරට පත්කරනු ලබන ශ්‍රී ලාංකිකයා කවරකු ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!