28.9 C
Galle

පකිස්තානයේ විපක්ෂ නායකවරයා, අගමැති ධූරයට

Published:

පකිස්තානයේ නව අගමැතිවරයා ලෙස එරට වික්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන ඇත.

ඡන්ද විමසීමකින් තොරව ම මෙම තෝරාගැනීම සිදුකර තිබීම විශේෂත්වයකි.

ඔහු මීට පෙර පකිස්තානයේ අගමැතිවරයකු ලෙස කටයුතු කළ නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව අගමැතිවරයා අද (11) රාත්‍රියේ දිව්රුම්දීමට නියමිත බවයි.

පකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ඉම්රාන් ඛාන්ට එරෙහිව පසුගිය දා විශ්වාසභංගයක් ගෙන ආ අතර 09 වැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැති ඡන්ද විමසීමෙන් එම විශ්වාසභංගය ජය ලැබීම හේතුවෙන් ඉම්රාන් ඛාන්ට එම තනතුර අහිමිවිය.

https://www.aljazeera.com/news/2022/4/11/shehbaz-sharif-elected-as-pakistans-new-prime-minister

Related articles

spot_img
error: Content is protected !!