31.1 C
Galle

පොලිස් සැරයන්ගේ වෙඩි තැබීමෙන් පොලිසියේ තිදෙනකු මරුට. ස්ථානාධිපතිටත් තුවාලයි

Published:

අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකු කරන ලද වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස තුවාල ලැබූ නිලධාරීන් මේ වනවිට අක්කරෙයිපත්තුව රෝහල වෙත ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ බවට සැකකරන සැරයන්වරයා ඊයේ රාතී එම වෙඩිතැබීම සිදුකිරීමෙන් පසු ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාර වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඔහු ඇතිමලේ පොලිසියට පැමිණ ඇත්තේ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතොරම් ගැබ් 19ක් ද සමගිනි.

Related articles

spot_img
error: Content is protected !!