31.1 C
Galle

කොරෝනා ව්‍යාප්තිය නිසා ඉන්දියාවේ අගනුවරට ඇඳිරිනීතිය

Published:

ඉන්දියාවේ, දිල්ලි අගනුවරට අද (27) සිට දිනපතා රාත්‍රී කාලයේ ඇඳීරිනීතිය පැනවීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව රාත්‍රී 11 සිට අලුයම 05 දක්වා කාලය තුළ ඇදිරිනීතිය පැනවෙන බව දිල්ලි බලධාරීන් ප්‍රකාශකර ඇත.

දිල්ලි අගනුවරින් දෛනික වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16% කින් ඉහළගොස් ඇති අතර පවතින අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

ගත වූ දිනයේ දිල්ලි නගරයෙන් පමණක් කොවිඩ් ආසාදිතයින් 290 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related articles

spot_img
error: Content is protected !!