26.8 C
Galle

පී.බී යයි ගාමිණී සෙනරත් එයි

Published:

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගෙන ඇති බවත් ඔහුගේ ඉවත්වීමෙන් හිස්වන තනතුර සඳහා දැනට අගමැති ලේකම් ලෙස කටයුතු කරන ගාමිණී සේදර සෙනරත් පත්කරන බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පී.බී.ජයසුන්දර දෙසැම්බර් 31 වැනි දා සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් ධූරයෙන් ගාමිණී සේදර සෙනරත් ඉවත් වූ විට එම ධූරය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අනුර දිසානායක පත්කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!