29.4 C
Galle

කිරිපිටි මිල හෙට සිට යළි වැඩිවෙයි

Published:

කිරිපිටි මිල යළි ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසන්නේ හෙට (30) දිනයේ කිරිපිටි මිල වැඩිකිරීමට සිදුව ඇති බවයි. නව මිල සංශෝධනය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බව ද හෙතෙම සඳහන් කළේය.

රජය විසින් කිරිපිටි මිල පාලනය කිරීම මේ වනවිට අතහැර දමා තිබේ. එබැවින් එහි මිල තීරණය කරනු ලබන්නේ ආනයනකරුවන් විසිනි. මේ වනවිට වෙළෙඳ පොළෙහි ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480.00ක් වන අතර කිලෝ ග්‍රෑම් 01ක පැකට්ටුවක් රුපියල් 1,195.00කි.

Related articles

spot_img
error: Content is protected !!