29.4 C
Galle

තරුණයන් තිදෙනකු මුහුදට බිළිවෙයි

Published:

මීගමුවේ, දුන්ගල්පිටිය, කැපුන්ගොඩ නැංගුරම්තොටුපොළ වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණයන් 05 දෙනකු දිය පහරකට හසු වී ගසාගෙන ගොස් තිදෙනකු මියගොස් ඇතැයි දුන්ගල්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක්, 21ක් හා 23ක් වූ පමුණුගම, ඒකල සහ අඹේවෙල පදිංචි තිදෙනෙකි.

මෙම තරුණයන් දිය පහරට හසුවී ගසාගෙන යන විට පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව හතර දෙනකු බේරාගෙන ඇතත් රෝහල්ගත කළ තරුණයන් දෙදෙනකු මීගමුව රෝහලේ දී මියගොස් ඇත.

දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

Related articles

spot_img
error: Content is protected !!