26.9 C
Galle

ඔමික්‍රෝන් පැතිරෙන දිස්ත්‍රික්ක මෙන්න

Published:

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කය අවදානම් විය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

පසුගිය සති දෙකක කාලයේ දී ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වී ඇති බව පවසන විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසන්නේ දැනට වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 48ක් බවයි.

ඔවුන් හමුවී ඇත්තේ කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් බැවින් එම දිස්ත්‍රික්කවල ඔමික්‍රොන් ව්‍යාප්තවීමේ අවදානම ජනතාව විසින‍් තේරුම්ගෙන සෞඛ්‍ය නිර්දේශ පිළිගත යුතු බව ද වෛද්‍යවරිය පවසන්නීය.

Related articles

spot_img
error: Content is protected !!