30.5 C
Galle

සෞඛ්‍ය සේවකයෝ ලෙඩවී, උද්ඝෝෂණය කර ඉල්ලීම් 08ක් ඉල්ලති

Published:

සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය විසින් වැටුප් විෂමතා ඉවත්කිරිම ඇතුළු ඉල්ලීම් 08 පදනම් කරගනිමින් අද (05) ගාල්ල නගරයේ දී විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

‍මේ සඳහා දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයෝ එක්ව සිටියහ.

මෙම උද්ඝෝෂණය සඳහා හෙද පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති 18ක් එක්ව තිබිණි. උද්ඝෝෂණයට සහභාගී වූ සියලු දෙනා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අසනීප නිවාඩු ලබාගෙන තිබීම ද විශේෂත්වයකි.

වැටුප් විෂමතා ඉවත්කිරීමට අමතරව, නිසි පරිදි උසස්වීම් ලබාදෙන ලෙසත් අතිකාල දීමනා ලබාදීමේ දී වෛද්‍ය ශ්‍රේණි සඳහා ලබාදෙන ආකාරයට අතිකාල දීමනා ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. එමෙන්ම රුපියල් 3000.00ක් වන විශේෂ රාජකාරී දීමනාව රුපියල් 10,000.00 දක්වා වැඩි කරන ලෙස ද සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එහිදී ඉල්ලා සිටියහ.

මීට අමතරව වෘත්තීයවේ දී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමානයක් ස්ථාපිත කර ඊට සුදුසු තනතුරු සහ රැකියා අවස්ථා හිමිකර දෙන ලෙස ද “සෞඛ්‍ය පරිපාලක සේවය” ස්ථාපිත කරන ලෙස ඔවුහු රජයට බල කර සිටියහ. ඖෂධ මිල පහත හෙළන ලෙසත් පාසල් දරුවන් සඳහා මුඛ ආවරණ නොමි‍ළයේ ලබාදෙන වැඩපිළිවෙලක් සකසන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියහ.

ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගණය අසළින් සංවිධානය වූ පෙළපාළිය ගාල්ල නගරයේ ගමන් කර ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂනයක නිරතවිය. මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට ද බලපෑම් එල්ල වී තිබිණි.

(සාහිත ගම්මම්පිල)

Related articles

Recent articles

error: Content is protected !!