අද (08) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමාගම් කොටස් මිලියන 13.4ක් ගනුදෙනු වූ ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දිනය අවසානයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 1113ක් ලෙස වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 19,455ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2741ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 283ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,234ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 1113
- සන්ෂයින් හෝල්ඩිංස් මිලියන 378
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මිලියන 163
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සන්ෂයින් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 13.5
- ලංකා මිල්ක් ෆුඩ්ස් කොටස් මිලියන 13.4
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සී එම් හෝල්ඩිංස් සමාගම 05%
- සෙරන්ඩිබ් හොටෙල් සමාගම 05%
- සී ඒ එල් යූ ෆන්ඩ් සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 405
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 327
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 14 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 32ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 18ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 08
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සන්ෂයින් හෝල්ඩිංස් රුපියල් මිලියන 23
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 06
- හේකාබ් සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



