28.5 C
Galle

ගැබිනියන්ට දුන් පෝෂණ මල්ලත් නවතී

Published:

ගර්භනී කාන්තාවන් සඳහා ලබාදුන් පෝෂණ මල්ල පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු අත්හිටුවා තීබේ.

මෙය ලංකා සතොස මගින් ලබාදුන් අතර ඒ සඳහා ප්‍රතිපාදන යොමුකරන ලද්දේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු මගිනි. ලංකා සතොස ප්‍රකාශකයකු කියා සිටියේ මේ වනවිට පෝෂණ මල්ල ගැබිනි කාන්තාවන් සඳහා ලබා නොදෙන බවයි.

මාසකයකට රුපියල් 2,000.00ක් වටිනා පෝෂණ මල්ලක් මාස 10ක් පුරා ගැබිනියන්ට ලැබුණු අතර ගර්භනී කාන්තාවන්ගේ සහ ළදරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම එහි අරමුණ විය. ගර්භනී කාලය තුළ එක් කාන්තාවක් වෙනුවෙන් වෙන්කර තිබූ මුදල රුපියල් 20,000.00කි.

මේ සඳහා අවශ්‍ය අරමුදල් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සැපයිණි.

පසුගිය වසර මැද භාගයේ දී ද පෝෂණ මල්ල ලබාදීම නතර වුව ද පසුව එය යළි ලබාදීමට කටයුතු කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!