27.7 C
Galle

“රාජාසන කතාවට විවාදයට කල්දුන්නා මදි” යැයි කියමින් විපක්ෂයෙන් කතානායකට විරෝධයක්

Published:

ජනාධිපතිවරයා විසින් 18 වැනි දා සිදුකිරීමට නියමිත රාජාසන කතාවව සම්බන්ධයෙන් විවාදයක් ලබාදීම කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දිගටම කතානායකවරයාට විරෝධය දක්වන බව විපක්ෂයේ පක්ෂ නායකයේ අද (11) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී කියා සිටියහ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ රැස්වීමක්  අද පැවැත්විණි.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගර්භයේ දී ලබන 18 වැනිදා  සිදුකිරීමට නියමිත රාජාසන කතාව සම්බන්ධයෙන්  ලබන 19 වැනිදා සහ 20  වෙනිදා වරු දෙකක දෙකක විවාදයක් ලබාදෙන්න බව කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු විපක්ෂයේ එම  ඉල්ලීමට එකඟ නොවූහ.

ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න හතළිහක් පනහක් පමණ ගොඩ ගැසී ඇති අවස්ථාවක ඒවා ගැන කතා කිරීමට විපක්ෂය ඉල්ලූ දින තුනක විවාදය ලබා දීමට වෙනුවට  වරු දෙකක  විවාදයක් ලබාදීම  අනුමත නොකරන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ පවසති.

පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කිරිමෙන්  පසු 18,19,20 සහ 21 යන දින හතරේ දී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!