27 C
Galle

විශ්‍රාමිකයන්ට 5000 දීමනාව නෑ

Published:

ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන්ට සහ සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000.00 ක අමතර දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එවැනි දීමනාවක් විශ්‍රාමිකයන්ගේ ජනවාරි මාසයේ විශ්‍රාම වැටුපට එකතු කර නැත.

විශ්‍රාමිකයන්ගේ ජනවාරි මාසයට නියමිත වැටුප 07 වැනි දා ගෙවා තිබේ. ඔවුන්ට ලැබී ඇත්තේ එම විශේෂ දීමනාව නොමැතිව මෙතෙක් ලැබුණු සාමාන්‍ය වැටුප පමණි.

මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු සඳහන් කළේ රුපියල් 5,000.00 දීමනාව ගෙවීම සම්බන්ධයෙන් මෙතකේ මුදල් අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත්කර නොමැති බවයි.

Related articles

spot_img
error: Content is protected !!