30 C
Galle

කොළඹ කිඹුලා වරාය නගරය බලන්න යයි

Published:

දෙහිවල සහ ගාලු මුවදොර දක්වා වරින් වර මුහුදු වෙරළේ දක්නට ලැබුණු කිඹුලකු අද (11) කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි බව කිඹුලා දුටු පිරිස් පවසයි

ලෝකයේ දක්නට ලැබෙන කිඹුල් විශේෂ 18ක් අතරින් ශ්‍රී ලංකාවේ කිඹුල් විශේෂ දෙකක් දක්නට ලැබෙයි. එක් කිඹුල් විශේෂයක් ගැට කිඹුලා ලෙස හඳුන්වන අතර අනෙක් විවශේෂය හැල කිඹුලා ලෙස හඳුන්වයි. හැල කිඹුලන් වාර්තාවන්නේ වියළි කලාපයේ වැව් සහ ගංඟා ආශ්‍රිතවය. ඔවුන් ප්‍රමාණයෙන් කුඩා අතර මිනිසුන්ට පහර දෙන්නේ ඉතා කලාතුරකිනි. නයිල් ග‍ෙඟේ වාර්තාවන කිඹුල් විශේෂය හැරුණු විට ලොව වඩාත් දරුණුම කිඹුල් විශේෂය ලෙස සැළකෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින ගැට කිඹුලා නමැති විශේෂයයි. ඉංග්‍රීසි භාෂාවෙන් Saltwater crocodile ලෙස හඳුන්වන මෙම කිඹුල් විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ගංඟා නිම්න සහ කලපු ආශ්‍රිතව ජීවත්වෙයි. එක් ගංඟා නිම්නයක සිට තවත් ගංඟා නිම්නයකට මුහුද ඔස්සේ ගමන් කිරීම මෙම කිඹුලන්ගේ ක්‍රමයයි. එබැවින් එවැනි කිඹුලන් මුහුදු වෙර‍ළක දක්නට ලැබීම පුදුමයක්‍ නොවේ.

Related articles

spot_img
error: Content is protected !!