28 C
Galle

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක් දෙදෙනකු රෝහලේ

Published:

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර අද (12) සවස ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

තුන්වැනි වසර සිසුවකු හා සිව්වන වසර සිසුවකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එය සිසුන් කණ්ඩායම් දෙකක් දක්වා වර්ධනය වී තිබේ. ගැටුමෙන් තුන්වැනි වසර සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර සිව්වන වසර සිසුවකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කරන්නේ මාසයක පමණ කාලයක දී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර අවස්ථා තුනක දී මෙවැනි ගැටුම් ඇති වූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!