27.2 C
Galle

විවාහ උත්සවයක ආරවුල හේතුවෙන්, බෑණා විසින් මාමණ්ඩියගේ දිවි අහිිමිකරයි

Published:

තිස්සමහාරාම, ‍වීරහෙළ ප්‍රදේශයේ දී 54 හැවිරිදි පුද්ගලයකුගේ ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

‍ඊයේ (16) මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර පඩවිගම පදිංචිකරුවෙකි.

විවාහ උත්සවයක් අතරතුර පවුලේ පිරිසක් අතර ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පොලිසිය පවසන්නේ ඝාතනය සිදුකර ඇත්තේ මියගිය පුද්ගලයාගේ දියණියකගේ ස්වාමි පුරුෂයා විසින් බවයි.

මේ වනවිට ඔහු හඳුනාගෙන ඇතත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!