27.1 C
Galle

තෙල් ගොඩබෑමට ඩොලර් නැතිවීමෙන්, තවත් ‍වැඩිපුර ඩොලර් ගෙවන්නට සිදුවෙයි

Published:

ඉන්ධන රැගෙන කොළඹ වරායට පැමිණ තිබෙන නැව් හතරකට නිසි වේලාවට ගෙවීම් නොකර තෙල් බාගැනීම ප්‍රමාදවීම හේතුවෙන් අමතර ඩෙලාර් ලක්ෂ තුනක් (රුපියල් කෝටි 06ක්) ගෙවීමට සිදුව ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගණනය කර ඇත.

පසුගිය ජනවාරි 08 වැනි දා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් රැගෙන ආ නැවක්, 09 වැනි දා පැමිණි තවත් ‍ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහිත නැවක් මේ දක්වාම ඉන්ධන ගොඩබෑමකින් තොරව කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබේ.

පසුගිය ජනවාරි 11 වැනි දා පැමිණි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක පෙට්‍රල් ගොඩබෑම 14 වැනි දා ආරම්භ කර තිබිණි. එමෙන් ම 11 වැනි දා පැමිණි ගුවන් යානා තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් අඩංගු නැවකින් ද මෙතෙක් තෙල් ගොඩබෑම ආරම්භ කර නැත.

‍මෙම තෙල් මිල දී ගැනීමේ ගනුදෙනුවලට අදාල මුදල් බැංකුවලට ගෙවනතුරු තෙල් ගොඩබෑම සිදුවන්නේ නැත.  

Related articles

spot_img
error: Content is protected !!