28.9 C
Galle

“වියෝ ගී ගැයෙනා හදේ” ගැයූ නීලා වික්‍රමසිංහ වියෝවෙයි

Published:

ප්‍රවීන ගායන ශිල්පී නීලා වික්‍රමසිංහ ඉතාලියේ මිලානෝ රෝහලක දී මියගිය බව තානාපති සේවා පවසයි.

මියයන විට 70 වැනි වියෙහි පසු වූ ඇය පසුගිය 10 වැනි දා ඉතාලියේ මිලානෝහි කොන්සල් ජනරාල්වරිය ලෙස රාජකාරී ආරම්භ කළාය.

තතුදත් ආරංචිමාර්ග පවසන්නේ ඇය මියගියේ හෘදයාබාධයකින් බවයි.

කොළඹ විශාකා විද්‍යාලයේ හිටපු සංගීත ගුරුවරියක වූ ඇය “මාස්ටර් සර්”. “රන් ටිකිරි සිනා” වැනි ගීතවලින් බෙහෙවින් ජනප්‍රිය වූවාය.

2015 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වූ අවස්ථාවේ දී “ඔබතුමා ඇයි ගහලා හරි ගත්තේ නැත්තේ” නීලා වික්‍රමසිංහ ඔහුගෙන් කරන ලද විමසීමක් මහත් ආන්දෝලනයට ලක්විය.

පසුගිය මැතිවරණවල දී නිදහස් කලාසන්ධානය වෙනුවෙන් ඇය දේශපාලන කටයුතුවල ද නිරතවූවාය.

Related articles

spot_img
error: Content is protected !!