31.6 C
Galle

විදුලි කප්පාදුවක් ගැන විශේෂ දැනුම් දීමක්

Published:

විදුලි සැපයුම පැයක පමණ කාලයකට අද (19) දිනයේ විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වනවිට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු ඇණහිට තිබීම ඊට හේතු වී ඇත.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිළ අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේ දැනටමත් කොළඹ වරායට පැමිණි තෙල් නැව් දෙකකින් තෙල් ගොඩබාන බැවින් අද සවස සිට විදුලිබල මණ්ඩලයට යළි ඉන්ධන ලබාදෙන බවයි.

විදුලිබල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරය යථා තත්වයකට පත්වනතුරු විදුලි කප්පාදුවක් සිදුකිරීම අවශ්‍ය බවයි.

Related articles

spot_img
error: Content is protected !!