31.6 C
Galle

ඉන්දියාවෙන් ලැබෙන තෙල් ණය, තවත් බරක් වෙයි ද ?

Published:

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලැබෙන බව පැවසුව ද එය ලැබෙන්නේ ඉන්ධන වශයෙන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව එම ඉන්ධන ප්‍රමාණය මාසයකුත් දින කිහිපයකට ප්‍රමාණවත් බව ද වෘත්තීය සමිති නිලධාරීහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ වාහන සඳහා මාසික ඉන්ධන අවශ්‍යතාව වර්තමාන වෙළෙඳ පොළ තත්වය අනුව ‍ඇමෙරිකානු ඩොලර් මිලියන 400කි. විදුලිබල නිෂ්පාදන අවශ්‍යතාව ඇමෙරිකානු ඩොලර් මිලියන 40කි.

ඉන්දියාවෙන් ණයක් ලෙස ලැබෙන තෙල් තොගය සඳහා මාස එකහමාරකට පසු පොළියක් ද සහිතව වාරික වශයෙන් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බව ද එම වෘත්තීය සමිති සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!