29.4 C
Galle

රට පුරාම කොරෝනා. සංචාරකයන්ගෙන් ආරක්ෂාවෙලා වැඩක් නෑ

Published:

කොරෝනා වයිරසය රට පුරාම මේ වනවිට ව්‍යාප්ත වී ඇති බැවින් සංචාරකයන් සඳහා ජෛව බුබුළු පවත්වාගෙන යාමේ සංකල්පයක් අනවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

දැන් කළ යුතු වන්නේ ජනතාව සහ සංචාරකයන් යන සියලු දෙනාම තමන් හැකි පමණ ආරක්ෂාවීම පමණක් බව ද ඔහු කියයි. විදේශීය සංචාරකයන් සඳහා අනුගමනය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් ගැටලුවක් ඇතිනොවන බව හෙතෙම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!