29.4 C
Galle

පැරණි සහ ප්‍රමුඛ සමාගම් කෙරෙහි උනන්දුව වැඩිවීම කොටස් වෙළෙඳ ‍පොළ වර්ධනය වේගවත් කරයි

Published:

කොළඹ කොටස් වෙළඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 43,209 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 18,423ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 12.5කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය 13,384ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12,986ක් ලෙසත්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,080ක්, බ්‍රවුන්ස් සමාගම රුපියල් මිලියන 352ක් ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 80ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 20ක් හා ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම රුපියල් මිලියන 7.6ක් ලෙසත් කැපී පෙණිනි.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 773ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 628ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 241ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

බ්ලූ ඩයමන්ඩ් සමාගම කොටස් මිල 25%කින් ද,  මර්චන්ට් ෂිපිං සමාගමේ කොටස් මිල 25%කින් ද, යුනියන් කෙමෙකස් සමාගම 249% කින් ද ඉහළයාම අද දිනයේ කැපී පෙණිනි.

2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවේ ඇස්තමේන්තුගත මූල්‍ය වාර්තා සීඅයිසී සමාගම සහ යුනියන් කෙමෙක්ස් සමාගම විසින් අද ඉදිරිපත් කර තිබිණි.

සංවෘත කවය තුළ, ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 80ක් රුපියල් 161.00 බැගින් ද,  කැලණි වැලි වැවිළි සමාගමේ කොටස් ලක්ෂ 02ක් රුපියල් 600.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන සඳහා රුපියල් මිලියන 43ක මුදලක් ඉවත්කරගෙන තිබීම කැපී පෙණිනි.

විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 12,958ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 12,915ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර ගාඩියන්ස් කැපිටල්ස් සමාගම රුපියල් මිලියන 8.2ක්, එල්ඕඑල්සී ෆිනෑන්ස්  රුපියල් මිලියන 7.8ක්, එල්ඕඑල්සී සමාගම කොටස් මිලියන 3.9ක්, ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 3.1ක්, කෙමිනෙක්ස් සමාගම රුපියල් මිලින 02ක් ලෙසත්, ‍විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 35ක්, යුනියන් බෑන්ක් රුපියල් මිලියන 9.9ක්,  සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 06ක්, නෙස්ට්ලේ සමාගම රුපියල් මිලියන 5.4ක්, කැලණි වැලි වැවිළි සමගම රුපියල් මිලියන 4.5ක් ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස්කිරීමත් සමග ම රුපියල් බිලියන 18ක දෛනික පිරිවැටුමක් වාර්තා වීම සුවිශේෂී තත්වයකි.

ජෝන් කීල්ස් සමාගම වැනි මෙරට ඉතාමත් පැරණි සහ ප්‍රමුඛත ම සමාගමක කොටස් කෙරෙහි විදේශීය ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුක් ඇතවී තිබීම කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක ඉතා ඉක්මණින් ඒකක 15,000  ක් ඉක්මවනු ඇති බවට පෙරනිමත්තක් යැයි ආයෝජකයෝ කියති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!