29.4 C
Galle

2022 මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ සමාගම්වලට නව ජවයක්

Published:

කොළඹ කොටස් වෙළඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 50,677 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් මිලියන 6,099ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 173කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එය 13,210ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,260යි, සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 512යි, බ්‍රව්න්ස් ඉන්වෙවස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 339යි ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 25යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 20යි, සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 11යි ලෙස ප්‍රමුඛ විය.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 747ක වත්කම් හිමිකරගෙන ඇති එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේත්, රුපියල් බිලියන 617ක වත්කම් හිමිකරගෙන ඇති එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් බිලියන 238ක වත්කම් හිමිකරගෙන තුන්වැනි ස්ථානයේත් රැඳී තිබිණි.

ලේක්හවුස් ප්‍රින්ටර්ස් සමාගමේ කොටස් මිල 24%කින් ද, කලම්බු කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ කොටස් මිල 24%කින් ද, මර්කන්ටයිල් ෂිපිං සමාගමේ කොටස් මිල 23%කින් ද ඉහළ ගොස් තිබිණි.

සංවෘත කවය තුළ, හේමාස් හෝල්ඩින් සමාගමේ කොටස් ලක්ෂ 13ක් රුපියල් 70.00 බැගින් ද, වැලිබල් වන් සමාගමේ කොටස් 350,000ක් රුපියල් 93.00 බැගින් ද ගනුදෙනු විය.

අද දිනයේ දී ජෝන් කීල්ස් ලිමිටඩ්, ට්‍රාන්ස්ඒෂියා හොටෙල්ස්, ඒසියා හොටෙල් ප්‍රොපටීස්, කලම්බු කෝල්ඩ් ස්ටොර්ස් සමාගම්වල 2022 තුන්වැනි කාර්තුවේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජන සඳහා රුපියල් මිලියන 43ක මුදලක් ඉවත්කරගෙන තිබීම කැපී පෙණිනි.

විදේශ ආයෝජකයන් ‍රුපියල් මිලියන 233ක කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 63ක කොටස් මිල දී ගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සොෆ්ට් ලොජික් හෝල්ඩින්ස් රුපියල් මිලියන 9.6ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 9.2ක්, එච්සෙනිඩ් සමාගමේ රුපියල් මිලියන 6.2ක්, ඇල්පිටිය ප්ලාන්ටේෂන් රුපියල් මිලියන 04ක්, එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 3.8ක් ලෙසත්, විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝස් රුපියල් මිලින 93ක්, සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 60ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 15ක්, ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 14, සන්ෂයින් හෝල්ඩ්න් සමාගම රුපියල් මිලියන 10ක් වශයෙන් ප්‍රමුඛ විය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!