30 C
Galle

කොළඹ ඇතුළු කොටස් වෙළෙඳ පොළ කිහිපයක දෛනික මිල දර්ශකය පහළ බසී

Published:

ලෝකයේ කොටස් වෙළෙඳ පොළ කිහිපයක දෛනික ඒකක අද (26) පහළ බැස ති‍බිණි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ද අද එලෙස පහළ බැස තිබීම විශේෂත්වයක් විය.

බොවෙස්ටා කොටස් වෙළෙඳ පොළ අද ඒකක 2,267කින් ඉහළ ගොස් තිබූ අතර ඉතාලියේ එෆ්ටීඑස්ඊ කොටස් වෙළෙඳ පොළ ඒකක 541කින් සහ ඩැක්ස් කොටස් වෙළෙඳ පොළ ඒකක 352කින් ඉහළ ගොස් තිබිණි.

ඇමෙරිකාවේ ‍‍ඩෝජෙන්ස් කොටස් වෙළෙඳ පොළ ඒකක 66කින්, එස්.එම්.පී 500 කොටස් වෙළෙඳ පොළ ඒකක 55කින්, නාස්බර්ග් කොටස් වෙළෙඳ පොළ ඒකක 315කින් සහ ස්මෝල් කැපිටල් 2000 කොටස් වෙළෙඳ පොළ ඒකක 28කින් පහළ බැස තිබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ද අද දිනයේ ඒකක 148කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 13,065ක් බවට පත්විය. දිනයේ සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව 41,764ක් වන අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,340ක් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,047යි
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 556යි
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 375යි

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22යි
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 17යි
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 09යි

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලේක්හවුස් ප්‍රින්ටර්ස් සමාගම 24%
  • හරිස්චන්ද්‍ර සමාගම 21%
  • ඔන්ලේ හෝල්ඩින්ස් සමාගම 15%

දිනය අවසන් වනවිට කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම වත්කම් රුපියල් බිලියන 737යි
  • එල්ඕඑල්සී සමාගම වත්කම් රුපියල් බිලියන 602යි
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 234යි

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 100,000ක් රුපියල් 376.00 බැගින්

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 63ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 130ක කොටස් විකුණා තිබිණි. ‍ඒ අනුව අද දිනනයේ දී විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 67ක් ඉවත්කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 20යි
  • බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 14යි
  • බීපීපීඑල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 3.6යි
  • ඩයලෝග් ආසියාටා සමාගම රුපියල් මිලියන 3.4යි
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2.9යි

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රුපියල් මිලියන 30යි
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 21යි
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 18යි
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 17යි
  • බ්‍රවුන්ස් සමාගම රුපියල් මිලියන 13යි.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!