29.4 C
Galle

කොටස් මිල දර්ශකය පහළ බසිද්දී විදේශීය ආයෝජන වැඩි වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ඒකක 180ක් පහළ යාම හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය දිනය අවසානයේ ඒකක 12,885ක් ලෙස සටහන් විය.

මෙලෙස කොටස් වෙළෙඳ පො‍ළ පහළ ගිය විට විදේශ ආයෝජකයන් ‍සමාගම් කොටස් මිල දී ගැනීම සඳහා වැඩි වශයෙන් මුදල් ආයෝජනය කිරීම කැපී පෙනෙන කාරණයක් වී තිබේ. ඉන් පසු කොටස් වෙළෙඳ පොළ ඉහළ ගිය විට තමන් සතුව ඇති කොටස් විකුණා දැමීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙයි.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 284ක කොටස් මිල දී ගෙන ඇති රුපියල් මිලියන 165ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශිකයන් විසින් දිනය තුළ රුපියල් මිලියන 119ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහා ආයෝජනය කර තිබීම විශේෂත්වයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 59,107ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,595ක් වාර්තා කර තිබිණි.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,017
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 736
  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 613

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 46
  • එස්එන්බී ලීසිං සමාගම (ඡන්ද බලය රහිත) කොටස් මිලියන 28
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 23

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 16%
  • ඇග්ස්ටාර් පොහොර සමාගම 11%
  • කැපිටල් රීච් සමාගම 8%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇක්සස් සමාගම කොටස් 1,370,000ක් රුපියල් 34.00 බැගින්
  • ලංකා ලුබ්රිකන්ටස් සමාගම කොටස් 252,000ක් රුපියල් 122.50 බැගින්

දිනය අවසන් වනවිට කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම වත්කම් රුපියල් බිලියන 701
  • එල්ඕඑල්සී සමාගම වත්කම් රුපියල් බිලියන 572
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 227

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 126
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 24
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 20
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 11
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම්

  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 43
  • සන්ෂයින් හෝලඩින් සමාගම රුපියල් මිලියන 29
  • කීල්ස් හොටෙල් සමාගම රුපියල් මිලියන 15
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 12
  • සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රුපියල් මිලියන 11

2022 තුන්වැනි කාර්තුවට අදාල වාර්ෂික මුදල් වාර්තා ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම, කැපිටල් එලායනස් සමාගම, එල්බී ෆිනෑන්ස් සමාගම සහ ඔනෙල් හෝල්ඩින්ස් සමාගම විසින් අද ඉදිරිපත් කර තිබිණි

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!