31.6 C
Galle

දිය ඇල්ලක දියනෑමට ගිය 05 දෙනකුට ජීවිතය අහිමි වෙයි

Published:

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇටම්පිටිය සිට කිලෝ මීටර 10ක් පමණ දුරින් පිහිටි ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය 05 දෙනකු මියගොස් ඇතැයි පොලිසියට කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ තරුණයකු සහ තරුණියන් 04 දෙනෙකි. එක් තරුණියක් සැඩ පහරේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති අතර ඇගේ සිරුර සොයා තවමත් මෙහෙයුම් සිදුවෙමින් පවතී.

මෙලෙස මියගොස් ඇත්තේ ඇටම්පිටියේ ම පදිංචි 05 දෙනෙකි. එම ස්ථානයේ දිය නෑම සඳහා 11 දෙනකුගේ කණ්ඩායමක් ගොස් ඇති අතර හදිසියේම පැමිණි සැඩ පහරට ඉන් පස් දෙනකු ගසාගෙන ගොස් මරුමුවට පත්ව ඇත.

ගැරඬි ඇල්ල නිර්මාණය වී ඇත්තේ උමා ඔයෙනි.

Related articles

spot_img
error: Content is protected !!