28 C
Galle

ExpoLanka වත්කම් වාර්තාගත ලෙස ඉහළ යයි

Published:

එක්ස්පෝ ලංකා සමාගමේ සමස්ත වත්කම් ඊයේ (03) දිනය තුළ දී පමණක් රුපියල් බිලියන 60කින් ඉහළ යාම කොළඹ කොටස් වෙළෙඳ පොළ කැපී පෙණුනු සිදුවීමක් විය. ඒ අනුව ඊට පෙර දිනයේ සමස්ත වත්කම රුපියල් බිලියන 614ක් වූ එක්ස්පෝ ලංකා සමාගම ඊයේ දිනය අවසන්වනවිට වත්කම් රුපියල් බිලියන 674ක් බවට පත්කරගෙන තිබිණි.

මෑත කාලීනව එක් දිනයක් තුළ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමාගමක කොටස් ප්‍රාග්ධන වටිනාකම එක් දිනයක දී වැඩිම අගයකින් ඉහළ ගිය අවස්ථාව ලෙස මෙය හැඳින්වීමට හැකියාව ඇත.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,568
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 486
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 179

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 31
  • අනිලානා හෝටල් සමූහය කොටස් මිලියන 11
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කමර්ෂල් ක්‍රෙඩිට් සමාගම 25%
  • බ්ලූ ඩයමන්ඩ් ( X ) සමාගම 25%
  • ගුඩ් හෝර්ක් සමාගම 25%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 674
  • එල්ඕඑල්සී සමාගම බිලියන 561
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 222

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 1.04ක් රුපියල් 27.00 බැගින් හුවමාරු විය

විදේශීය ආයෝජකයන් විසින් ඊයේ (03) දිනයේ රුපියල් මිලියන 81ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 169ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදල් රුපියල් මිලියන 88ක් විදේශ ආයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 11
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 09
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 08
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 05
  • මර්චන්ට් බැංකුව රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 38
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 29
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 19
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 18
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 16

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

spot_img
error: Content is protected !!