29.8 C
Galle

කොරෝනා නිසා පාර්ලිමේන්තුව කල් දමනවාදැයි තීරණය කිරීමට අද විශේෂ සාකච්ඡාවක්

Published:

කොරෝනා වසංත තත්වය වැඩිදියුණු වී ඇති තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම ඉදිරියට පත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (07) සවස පැවැත්වෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සවස 3.00ට පැවැත්වීමට නියමිතය.

කොරෝනා ආසාදනය වී සිටි කතානායකවරයා සහභාගී වන පළමු රැස්වීම ද මෙයයි.

සමගි ජනබලවේගය පවසන්නේ, පාර්ලිමේන්තුව කල් නොදමා අඛණ්ඩව පවත්වන්න යැයි තම පක්ෂය ඉල්ලා සිටින බවයි.

කොරෝනා ආරම්භයේ සිට මේ දක්වා පාර්ලිමේන්තු නියෝජිතයන් 49 දෙනකු කොරොනා ආසාදිතවූ අතර පසුගිය දින කිහිපයේ දී ආසාදිත වූ සංඛ්‍යාව 12 දෙනෙකි. ඊට අමතරව පාර්ලිමේන්තු සේවකයෝ 50කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතව සිටිති.

Related articles

spot_img
error: Content is protected !!