26.1 C
Galle

කොටස් වෙළෙඳ පොළ වැසූ පසුත් ගනුදෙනු සිදුවෙයි

Published:

ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු පස්වරු 2.30 ඉක්මවා සිදුවූ අතර එය අවසන්වන විට පස්වරු 2.39 දක්වා අසාමාන්‍ය ලෙස ගනුදෙනු සිදුවීම ආයේාජකයන්ගේ විමතියට හේතුවක් වී තිබේ.

අද (09) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 52,219ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,288ක් විය. අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 300කින් අඩුවූ අතර දිනය අවසානයේ එය දැක්වුණෙන් 12,081ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 685
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 539
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 371

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 46
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 26
  • සොෆ්ට්ලොජික් කැපිටල් කොටස් මිලියන 14

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් 24%
  • ලංකා ආ‍ශෝක් ලිමිටඩ් 17%
  • සොෆ්ට්ලොජික් ලයිෆ් 9%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 604
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 496
  • කොමර්ෂල් ලීසිං රුපියල් බිලියන 251

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි කොටස් ලක්ෂ 05ක් රුපියල් 46.50
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් කොටස් ලක්ෂ 03ක් රුපියල් 73.00

විදේශීය ආයෝජකයන් විසින් අද (09) දිනයේ රුපියල් මිලියන 150ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 123ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහා රුපියල් මිලියන 27ක් විදේශ ආයෝජකයන් විසින් ආයෝජනය කර තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි රුපියල් මිලියන 23
  • එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 18
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් රුපියල් මිලියන 6.9
  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 6.8
  • කැලණි වැලි සමාගම රුපියල් මිලියන 6.3

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • කමර්ෂල් බැංකුව මිලියන 19
  • ආසිරි රෝහල් සමූහය රුපියල් මිලියන 16
  • වැලිබල් ෆිනෑන්ස් රුපියල් මිලියන 10
  • සීටී ‍හෝල්ඩින්ස් රුපියල් මිලියන 09
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් රුපියල් මිලියන 08

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!