26.2 C
Galle

කොළඹ කොටස් වෙළෙඳ පොළ යළි ඉහළට

Published:

ලෝකයේ කොටස් වෙළෙඳ පොළ සියල්ල සැළකූ විට ඩව්ජෝන්ස් කොටස් වෙළෙඳ පොළ 0.21%කින් ද, එස්එන්පී 500 කොටස් වෙළෙඳ පොළ 0.27%කින් ද නැස්ජැක් කොටස් වෙළෙඳ පොළ 0.13%කින් ද සීඒසී 40 පැරිස් කොටස් වෙළෙඳ පොළ 0.41%කින් ද, ඉරෝස්ටොක් 50 කොටස් වෙළෙඳ පොළ 0.17%කින් ද පහළ ගොස් ඇති අතර ස්මෝල් කැප් 2000 කොටස් වෙළෙඳ පොළ 1.04%කින් ද, එස් ඇන්ඩ් පී 500 කොටස් වෙළෙඳ පොළ 5.31%කින් ද, එස් ඇන්ඩ් පී ටීඑස්එක්ස් කොටස් වෙළෙඳ පොළ 0.74%කින් ද බෝයස්පා කොටස් වෙළෙඳ පොළ 1.08%කින් ද ඉහළ ගොස් තිබේ.

සමස්තයක් ලෙස ‍සැළකීමේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ අගයන් ලෝක‍යේ අනෙක් රටවලට සාපේක්ෂව වැඩි ප්‍රවණතාවකින් ඉහළ ගොස් ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) ගනුදෙනු 40,010ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,565ක් වාර්තා කළ අතර කොටස් මිල දර්ශකය ඒකක 125කින් ඉහළගියේය. දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 12,207ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 498
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 248
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 209

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 25
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 17
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 25%
  • මල්වත්ත වැලි වැවිලි සමාගම (X) 16%
  • ඩර්ඩ්න්ස් රෝහල් සමූහය 11%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 621
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 522
  • කොමර්ෂල් ලීසිං රුපියල් බිලියන 245

විදේශීය ආයෝජකයන් විසින් අද (10) දිනයේ රුපියල් මිලියන 75ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 70ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහා රුපියල් මිලියන 05ක් විදේශ ආයෝජකයන් විසින් ආයෝජනය කර තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 21
  • රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 12
  • ජෝන් කීල්ස් ‍හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 06
  • සොෆ්ට්ලොජික් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 04
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 26
  • සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 11
  • නෙස්ලේ ලංකා සමාගම රුපියල් මිලියන 4.6
  • රේණුක හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 2.3
  • කමර්ෂල් බෑන්ක් රුපියල් 1.6

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

error: Content is protected !!