26.8 C
Galle

හිමිනමක් වෙනුවෙන් හොරට විභාගය ලියූ හිමිනමක් අත්අඩංගුවට

Published:

වැලිගම, කොක්මාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර උසස් පෙළ විභාගයට ලියමින් සිටි තවත් හිමිනමක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, ඉසුරුපුර, මහහීල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.

මෙම හිමිනම ව්‍යාජ අනන්‍යතා සහතික ඉදිරිපත් කරමින් විභාගයට පෙනී සිට ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ දී ය. හිමිනම හතරවැනි දිනට අද විභාගයට ලියා ඇති අතර සිංහල විෂයේ දෙවැනි කොටස ප්‍රශ්නපත්‍රයට පෙනී සිටිය දී සැකසිතී විභාග ශාලාධිපති විසින් විශේෂ ‍සෝදිසිකිරීම්ක කර තිබේ.

මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ මහහීල්ල ඉසුරුපුර බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.

Related articles

spot_img
error: Content is protected !!