32.4 C
Galle

දළදා පුදට ජාතික හැඳුනුම්පත අනිවාර්යයි.

Published:

මහනුවර දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන් සියලු දෙනා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ දැක්වෙන්නේ දළදා තේවාව ඇතුළු පුද පූජා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පැමිණෙන සැදැහැවතුන් මෙන්ම වන්දනා කටයුතු සඳහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර අනුගමනය කරන බවයි.

දළදා මාළිගාවට ඇතුළුවීමේ දී මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම හා උෂ්ණත්වය පරීක්ෂා කිරීම අනිවාර්ය බව ද හෙතෙම සදහන් කරයි.

දැනට සංචරණ සීමා පනවා ඇති ගම්මාන හා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණෙන පිරිස් දළදා මාළිගාවට ඇතුළු කිරීම නවතා ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිකුත්කළ එම වේදනය පහත දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!