27.5 C
Galle

රුපියල බාල්දුවීම කොටස් වෙළෙඳ පොළටත් බලපායි

Published:

රුපියලේ අගය ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 230 දක්වා පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමාගම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. කෙසේ වුව ද මෙම තීරණය අපනයන සමාගම්වලට මූල්‍ය වාසි රැසක් අත්කර දුන්න ද බොහෝ සමාගම්වල භාණ්ඩ හා නිෂ්පාදන සේවා සමාගම්වල අමුද්‍රව්‍ය සඳහා ගෙවීමට සිදුවන මුදල ඉහළ යාමෙන් මෙය ඇතැම් සමාගම්වලට අහිතකර ලෙස බලපානු ඇතැයි ද අනුමාන කළ හැකිය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) ගනුදෙනු 37,917ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් 3,483ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 437කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,523ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 601
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 514
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලින 251

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 169
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 48
  • එල්ඕඑල්සී ‍ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • හොරණ වැවිලි සමාගම 10%
  • ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම 07%
  • මල්වත්ත වැලි වැවිලි සමාම 07%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 505
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 415
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  221

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් ලක්ෂ 10ක්, රුපියල් 59.50 සහ රුපියල් 60.00 බැගින් ද

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 104ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 23ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 81ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 40
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 18
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 09
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 04
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 05
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1.7
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) රුපියල් මිලියන 1.2
  • වැලිබල් සමාගම රුපියල් මිලියන 1.1
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 0.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!