27.2 C
Galle

කොළඹ පාසලක සිසුවකුට ලිංගික අතවර කළ ගුරුවරියක ගැන පරීක්ෂණ කරන්න යැයි අධිකරණයෙන් නියෝගයක්

Published:

පාසල් සිසුවකු අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් බාලවයස්කාර සිසුවකුට අතවර කළැයි කියන කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (10) නියෝග ක‍ළාය.

මේ වනවිට 20 වැනි වියේ පසුවන එම පාසල් සිසුවා වයස අවුරුදු 16 සම්පූර්ණවීමට පෙර සිට ම මෙලෙස අතවරයට පත්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එම දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ ඇය ඔහු හඳුනාගෙන ඇත්තේ වාර්ෂික ක්‍රිකට් තරඟ අවස්ථාවක දී  ය. අතපසු වූ පාඩම් වැඩ කියා දීමට බව පවසමින් දරුවා ගෙන්වාගෙන ඇති බවත් ගල්කිස්ස මහ හෝටලය ඇතුළු ස්ථාන ගණනාවක දී ගුරුවරිය විසින් එම සිසුවා අපයෝජනයට ලක්කර ඇති බවත් පොලිසිය පවසයි.

මේ වනවිට එම ගුරුවරිය අදාල පාසල හැරගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය එම සැකකාර ගුරුවරිය සම්බන්ධයේන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා කරුණු වාර්තා කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය.

Related articles

error: Content is protected !!