27.1 C
Galle

විදුලි රැහැනක පැටලී දරුවන් දෙදෙනකු මරුට

Published:

අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 13ක පිරිමි ළමුන් දෙදෙනකු මියගොස් ඇතැයි සමන්තුරේ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සමන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි දරුවන් දෙදෙනෙකි. මොහොමඩ් ආසික සහ මොහොමඩ් ඉබ්‍රාහිම් යන මොවුන් දෙදෙනා දර කැඩීමට ගොස් සිටිය දී මෙලෙස විදුලිසැර වැදී ඇත.

කුඹුරුයායකට සහ පොල්වත්තකට  මායිම්ව ඇති පට්ටම්පිටිය ඇළ තුළ විදුලි රැහැනක පැටලී ඔවුන් මියගොස් සිටි බව ද පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ පොල්වත්ත වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සමන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!