27.2 C
Galle

ලෝකයේ බොරතෙල් මිල පහළ යද්දී ශ්‍රී ලංකාවේ කොටස් දර්ශකත් පහළට

Published:

ලෝක‍ වෙළෙඳ පොළේ පසුගිය සති දෙකක කාලසීමාව තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහළ බැස ඇති අතර එය 8%ක මිල අඩුවීමක් වශයෙන් සටහන්ව තිබේ. මෙය සමාගම්වල ආයෝජනය කෙරෙහි වඩාත් හිතකර සාධකයක් ව පවතී.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 17,017ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,307ක් ලෙස වාර්තා විය.  

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 112කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,565ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 253
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 104
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලින 82

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33%
  • කලම්බු ලෑන්ඩ් සමාගම 17%
  • ෆාම් ගාර්ඩ්න් හෝටල් සමාගම සමාගම 17%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 534
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 395
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  205

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් ලක්ෂ 2ක් රුපියල් 102.50

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 24ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 32ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 48
  • චෙම‍ෙනෙක්ස් සමාගම රුපියල් මිලියන 04
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 01
  • එල්බීෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 0.84
  • අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 0.4

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඒසියා කැපිටල් සමාගම රුපියල් මිලියන 10
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2.3
  • ඒකාබ් සමාගම සමාගම රුපියල් මිලියන 0.9
  • එන්ඩීබී සමාගම රුපියල් මිලියන 0.6

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!