27.2 C
Galle

ජාතික ආර්ථික උපදේශන සභාවට, රටේ ආර්ථිකය නැංවිය හැකිදැයි කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෝ විමසිල්ලෙන්

Published:

ජනාධිපිතවරයා විසින් අද (15) දිනයේ පත්කරන ලද සාමාජිකයන් 14 දෙනකුගෙන් යුතු ජාතික ආර්ථික උපදේශක සභාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සක්‍රීය දායකත්වයක් ලැබෙනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි. එම ජාතික ආර්ථික උපදේශක සභාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ වෘත්තිකයන් සහ ප්‍රධානත්ම ව්‍යවසායකයින් ඇතුළත්කර ඇති අතර ඔවුන් නම් මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, මහාචාර්ය ශිරන්ත හීන්කන්ද, ධම්මික පෙරේරා, ක්‍රිශාන් බාලේන්ද්‍රන්, අශ්රෆ් ඕමාර්, ආචාර්ය දුෂ්නි වීරකෝන්, ආචාර්ය හාන්ස් විජේසූරිය, විෂ් ගෝව්න්ද සාමි, එස්. සොයින්ගනාදන්, රංජිත් පේජ්, සුරේෂ් ද මෙල්, දුමින්ද හුලංගමුව, සුජීව මුදලිගේ සහ ප්‍රභාෂ් සුබසංහ ඇතුළත් වෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) ගනුදෙනු 29,717 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,666ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 280කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,284ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 340
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 122
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලින 121

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 21
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%
  • බන්සේ රිසෝට් සමාගම 12%
  • ටාජ් ලංකා සමාගම 08%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 500
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 376
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  202

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

හැටන් නැෂනල් බැංකුව (X) කොටස් 659,000ක් රුපියල් 128.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 135ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 40ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 95ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 97
  • හේලීස් සමාගම රුපියල් මිලියන 05
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1.7
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 0.8
  • කෙමනෙක්ස් සමාගම රුපියල් මිලියන 0.7

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 8.4
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 2.8
  • කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 1.1
  • සියරා කේබල් සමාගම රුපියල් මිලියන 0.5
  • පෑන් ඒෂියා පවර් සමාගම රුපියල් මිලියන 0.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!